Friday, February 18, 2011

කරදමුංගු



උද්භිද විද්‍යාත්මක නාම
1. Elettaria cardamomum , Elettaria repens ලංකාවෙ බහුල වර්ගය (කොළ පැහති)
2.
Amomum magnificum කලු පැහැයට හුරු කරදමුංගු (Black cardamomum )

ප්‍රධාන වශයෙන් කලු සහ කොළ යන අකාර දෙකක් දක්නට ලැබෙ. ලංකාවෙ වඩාත් ප්‍රචලිත වර්ගය වන්නෙ කොළ පැහැති කරදමුංගු වර්ගයයි.

වගාව
බහුවාර්ෂික නිවර්තන ශාකයක් වන කරදමුංගු වගාවට ඉතා අසිරු බෝගයකි. නියත වු උශ්ණත්වයක් සහ තෙතමනයක් පවත්වා ගත යුතුය. තවද මාසික කිල්ලෙන් යුත් ස්ත්‍රීන් ගෙන් ඇත් කොට තැබිය යුතුයැයි බොහො ගැමියො විශ්වාස කරති. බීජ මගින් වැඩිය හැකිමුත් ආර්ථික වශයෙන් ඉහල ඉල්ලුමක් තිබෙන නිසා බොහො විට බීජ මෙරිමට පෙර නෙලාගනී. බොහොවිට මව් ශාකයෙ මුලෙන් පීදෙන පැළ මගින් නව ශාක ලබාගනු ලැබෙ
.



Wednesday, February 16, 2011

රසකිඳ



උද්භිද විද්‍යාත්මක නාමය. Tinospora cordifolia
කුලය : Menispermaceae

අතිතයෙ පටන් නෙල්ලි සහ රසකිඳ පානය කිරිමට මෙරට වැසියො පුරුදු ව සිටියහ.උස් ගස් මත වැවෙන කහ පහැති නූල් වැනි මූලධර පොළොවට එල්ලේ. අළු පහැති පොත්තකින් යූක්තය. විශාල පත්‍ර බෝ කොලයක රුපාකාරයට ආසන්න වශයෙන් සමාන වෙ. ගෙඩි ඕවලාකාර කොළ පැහැ පොකුරු වශයෙන් හට ගනී. පැසුණු විට රතට හුරු දුඹුරු පැහයක් ගනී.
ශ්‍රී ලංකාවෙ ඕනැම ප්‍රදෙශයක වැවෙන මෙ ශාකය වර්ෂයෙ මුල් කාර්තුවෙ මල් හට ගෙන දෙවන සහ තුන්වන කාර්තුවල ඵල දරයි.

ඖෂධ සඳහා ගැනෙන කොටස්

වැල ,ගෙඩි මුල් ,කොළ යන කොටස්

සෙංගමාලයට
කොළ අඹරා මොරු සමග බීම .
රසකිඳ යුෂ මී පැණි සමග හිස් බඩට බීම .

අර්ශස්වලට

රසකිඳ යුෂ හෝ පිටි මොරු සමග බිමට දීම

හෘද දුර්වලතාවයන්ට රසකිඳ යූෂ ගම්මිරිස් සමග හිස් බඩට දිම

ලෙ පිරිසිදු කිරිමට
නෙල්ලි සමග රසකිඳ තම්බා බීම

Monday, February 14, 2011

වෙනිවැල්



උද්භිද විද්‍යාත්මක නාමය : Coscinium fenestratum (Gaetrn) colber.

කුලය : MENISPERMACEAE
සිංහල නාමය - වෙනිවැල් ,බාන්වැල්
දෙමල නාමය - මරමංජල්, මංජල් කොඩි
වෙනිවැල් යනුවෙන් ජනයා අතර ප්‍රසිද්ධ මෙය බාන්වැල් ලෙසද හැදින්වේ.මෙ හරක් දිගෙලි කිරීමට හා ඇදිමට ගන්නා නිසා මෙය බාන්වැල් යන නමින් ද හැදින්වේ.

රූපාකාරය

සිනිඳු පොත්තක් සහිතව විශාල ව වැඩෙන කාෂ්ටමය වැලකි. ළපටි කඳ කොටස් සිහින් කහ පැහැ බූවකින් වැසී පවති
සෙ. මි 10-20 පමණ විශාල පත්‍ර පළල් හා රවුම්ය . අග්‍රය දෙසට තියුණු ලෙස සිහින්වේ.
පත්‍ර මතුපිට දිලිසෙන සුළු හා සිනිඳු වන අතර, පහල කොටසෙ කහ පැහැ බූවකින් ද වැසී පවතී.කැපී පෙනෙන අයුරින් පිහිටන නාරටි ද කහ පැහැ බූවකින් වැසුණු දිග පත්‍ර නටුවක්ද මෙම පත්‍ර සතු ය.
ඉතා කුඩා පූරුෂ ශ ස්ත්‍රී මල් වෙන වෙනම ශාක දෙකක හට ගනී. පත්‍ර හට ගන්නා තැන් වලින් ඇති වන කෙටි මල් පොකුරු වල මෙම මල් හට ගනී.

ඵලය දිගින් සෙ. මී 2ක් පමණ වන දුඹුරු පැහැ බූවක් සහිත රවුම් හැඩයකින් යුක්ත වූවකි.

ඖෂධිය ගුණ

උණට ඉඟුරු , කොත්තමල්ලි , වෙනිවැල්ගැට තැම්බු වතුර දිම. වෙනිවැල් පත්පාඩගම් තැම්බු වතුර දිම.

හිසරදයට වෙනිවැල් ඇල් වතුරෙන් අඹරා හිසෙ ගැල්විම

තුවාල සහ කුඩා බිබිලි පිරිසිදු කිරිම .